Wednesday, October 16, 2013

new 
2014/06/05
අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මීලග රැස්වීම 2014/06/22 වැනි දින පෙ.ව.9.00 ට පැවැත්වේ.

2014/05/17
ආසියානු පාපන්දු විනිශ්චයට පළමු වරට ශ්‍රී ලංකා කාන්තාවක්‌
රත්නපුර සුමන බාලිකාවෙන්  බිහි වීම අපේ ජයග්‍රහනයක් ( සබරගමුව පළාත් ක්‍රීඩා අංශයෙන් ශුභ පැතුම් )


චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 14 න් පහළ බාලිකා පාපන්දු තරගාවලිය විනිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පළමු වරට මලීකා මධුෂානී තෝරා ගෙන තිබේ.
ආසියානු පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන තරගාවලියක්‌ විනිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් කාන්තාවක්‌ සුදුසුකම් ලැබූ පළමු අවස්‌ථාව මෙය ලෙස සටහන් වේ.
ලබන 24 වැනිදා සිට ජුනි මස 05 වැනිදා දක්‌වා චීනයේ පැවැත්වෙන අදාළ තරගාවලිය විනිශ්චයට සුදුසුකම් ලද මලීකා මධුෂානී යුද හමුදා පාපන්දු කණ්‌ඩායම නියෝජනය කළ දක්‌ෂ ක්‍රීඩිකාවකි. ඇය ක්‍රීඩා කළ වසර තුනක්‌ යුද හමුදා කණ්‌ඩායම සමස්‌ත ලංකා ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.
මලීකා මධුෂානී රත්නපුර සුමනා බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලබා 2010 වසරේදී කාන්තා පාපන්දු තරග විනිසුරුවරියක්‌ ලෙස සිය විනිසුරු දිවිය ආරම්භ කර තිබේ.

2014/01/26
new
මව් සංගමයේ ආදි ශිෂ්‍ය රැස්වීම 2014/01/02 වැනි දින පෙ.ව.9.00 ට පැවැත්වේ . විදුහලට ආදරය කරන සියලු දෙනාට පැමිණ සහභාගි වීමට කරන  විවෘත ආරාධනාවයි .



2013/11/24

අද ආදි  ශිෂ්‍ය  ශිෂ්‍ය රැස්වීම පෙ.ව.10 ට ආරම්භ වුනා.පැමින සිටි 10 දෙනෙක් විද්‍යාලයට අඩු පාඩුවක් ව පවතින ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයට DVD PLAYER  ක් ,  පාසලට නිවාඩු ලබා දෙන 2013/12/06 වැනි දින පෙවරුවේ ලබා දීමටත්  2013/12/29 වැනි දිනපෙ.ව.10.00 ට නැවත රැස්වීමටත් තීරණය වුණා.

2013/11/12
අප පාසලේ සේවය කල විමලා හරිස්චන්ද්‍ර මහත්මිය අභාවප්‍රාප්ත වීම දැනුම් දීම 
නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු බෞද්ධ පාසල වන අප විද්‍යාලය ආරම්භ කිරීමට මුල් වූ විමලා හරිශ්චන්ද්‍ර මහත්මිය අප  පාසලේ ආචාර්යවරියක වශයෙන් වසර 34 ක් කටයුතු කලාය.
1970-77 කාලයේ නිවිතිගල ආසනයේ   හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පියදාස හරිස්චන්ද්‍ර මහතාගේ භාර්යාව වූද පුතුන් දෙදෙනෙතුගේ මවක වූ ඇයගේ දේහය රත්නපුර මුද්දුව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 14 දින සවස 4.00 ට රත්නපුර මහ නගර සභා ආදාහනාගාරයේදී සිදු කෙරේ.

මව් සංගමයට අනු බද්ධ ආදී ශිෂ්‍ය සංගමයක් නැවත ආරම්භ කරමු

2013/10/27
අද අපේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ පළමු රැස්වීම පෙ.ව 10.30 ට ආරම්භ වුණා. ඉදිරියට කළයුතු දේවල් හා සැළසුම් පිලිබදව සාකච්ජා කලා . නැවත රැස්වෙන දිනය 2013/11/24  පෙ.ව 10.00 . එදිනට සියලු දෙනාටම සහභාගි වන ලෙස නන්දා නිරිඇල්ල  ගුරු මෑණීයන් ආරාධනා කර සිටිනවා.

 2013/10/20

මෙම මස 27 දින  පෙ.ව. 9.00 සුමන බාලිකා සම්පත් ශාලාවේ ආදි ශිෂය සංගමයට අනු බද්ධ සංගමයක්  පිහිටු වීමට  කටයුතු සූදානම් කර ඇත. නොවරදවා එදිනට පැමිණ සහයෝගය දක්වන්න.